මොරගහකන්ද ජලාශය ආශ්‍රිත සෝදිසි මෙහෙයුමක්

සැඟවූ අවි සොයා මොරගහකන්ද ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

by Staff writer 12-10-2025 | 8:45 AM

COLOMBO (News 1st) - මොරගහකන්ද ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ අද(12) විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ, මොරගහකන්ද ජලාශය අසළ දමා ගොස් තිබූ ජීව පතොරම් තොගයක් නාඋල පොලීසිය සොයා ගැනීමත් සමඟයි.

විවිධ වර්ගවලට අයත් ජීව පතොරම් 448 ක්, එහිදී සොයා ගැනුණි.

එම පතොරම් තොගය කිසියම් පිරිසක් විසින් ගෙනැවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කර තිබේ.