විමල් වීරවංශ අද තංගල්ල පොලීසිය හමුවට.

විමල් වීරවංශ අද තංගල්ල පොලීසිය හමුවට.

by Staff writer 12-10-2025 | 8:48 AM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අද යළි කැඳවා තිබේ.

පොලීසිය සදහන් කළේ, අද(12) පෙරවරු 10 ට පැමිණෙන්නැයි ඔහුට දැනුම්දී ඇති බවයි.

බෙලිඅත්තේ සනා නැමැත්තා සම්බන්ධයෙන් වීරවංශ මහතා කළ ප්‍රකාශයක් පිළිබඳ වැඩිදුර කරුණු විමසීම සඳහා එම කැඳවීම කර තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගැනුණු වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු යැයි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ වීරවංශ මහතා කළ ප්‍රකාශයට අදාළව විමර්ශනය ක්‍රියාත්මක වේ.

ඊට අදාළව විමල් වීරවංශ මහතා පසුගිය බ්‍රහස්පතින්දා, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ.

එහිදී විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ, වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය කිසි දිනක දැක නොමැති බවයි.

දැන දැනම අසත්‍ය බව දන්නාවූ හෝ අසත්‍ය බව විශ්වාස කරන තොරතුරක් හෝ කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව, පොලීසිය ප්‍රකාශ කළේ ය.