ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි.

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි.

by Staff writer 12-10-2025 | 10:28 AM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1 න් පමණ පසු, ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් වලට මිලිමීටර 50 ට වැඩි වැසි ඇති විය හැකියි.

වැසි සමග තද සුළං ද ඇති විය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.