නීති විරෝධී ලෙස පරවියන් ගෙන ආ 2නෙක් අත්අඩංගුවට

විදේශයක සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ පරවියන් 150ක් සමග සැකකරුවන් දෙදෙනකු කල්පිටියේදී නාවික හමුදා භාරයට

by Staff writer 11-10-2025 | 8:02 AM

COLOMBO (News 1st) - විදේශයක සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ පරවියන් 150 දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටියේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ කල්පිටිය කිඹුල්බොක්ක ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි එම සැකකරුවන් සිය භාරයට ගත් බවය.

එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, 27 හා 39 යන වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ පරවියන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කරුවලගස්වැව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පියවර ගෙන තිබේ.