සංචාරකයින්ගෙන් ලැබුණු ආදායම 5.3%කින් ඉහළට

මේ වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ සංචාරකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම 5.3%කින් ඉහළට

by Staff writer 11-10-2025 | 6:07 PM

COLOMBO (News 1st) - 

මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ සංචාරකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම 5.3%කින් ඉහළ ගොස් තිබේ.

එම කාලය තුළ ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,472.9 කි.

පසුගිය වසරේ එය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 2,348ක් ලෙසයි.