.webp)
COLOMBO (News 1st) -කොළඹ රථවාහන තදබදය අවම කිරීම සඳහා වර්ණ සංඥා කුළුණු අසල අධි සංවේදී කැමරා සවිකිරීමට පොලීසිය තීරණය කර තිබේ.
රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .පී ජේ සේනාධිර මහතා පැවසුවේ, පළමු අදියරේදී කොළඹ රථවාහන තදබදය අධිකව පවතින ස්ථාන 05ක එම කැමරා සවි කරන බවයි.
දැනට පවතින වර්ණ සංඥා පුවරු යාවත්කාලීන කිරීමටද පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කලේ කාර්යාලීය වේලාවන් වලදී සහ පාසල් නිමවන වේලාවලදී අධික රථවාහන තදබදය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්වන බවයි.
එය මගහැරවීම නව වැඩපිළිවෙලේ අරමුණ බවද රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .පී ජේ සේනාධිර මහතා පැවසුවේ ය.