කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ BANvsNZ තරගය අද

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ බංග්ලාදේශ - නවසීලන්ත තරගය අද

by Staff writer 10-10-2025 | 8:51 AM

COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ.

ඒ, ඉන්දියාවේ ගුවහාටිහිදීය.

මේ අතර තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 3කින් ජය ගත්හ.

තරගාවලියේ 10 වැනි තරගය වූ මෙය විසාකාපට්නම්හිදී පැවැත්වුණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කරන ලදි.

ලකුණු 252ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් තුළ කඩුලු 7ක් දැවී සිටියදී තරගය ජයගත්තා.

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට හිමි ව තිබේ.

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සියලු තරග සජීව ලෙස නැරඹිය හැකිය.