.webp)
COLOMBO (News 1st) - ලෝක තැපැල් දිනය අදට යෙදී තිබේ.
මෙවර එහි තේමාව ගෝලීය ප්‍රවේශයක් උදෙසා දේශීය සේවාව යන්නයි.
මෙරට තැපැල් සේවය වසර 227 ක දීර්ඝ ඉතිහාසයකට දිව යන්නකි.
මෙරට තැපැල් සේවය නිත්‍ය වශයෙන් ආරම්භ කරන ලද්දේ 1798 වර්ෂයේදීය.
වික් ටෝරියා රැජිනගේ රුව සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය 1857 අප්‍රේල් මස පළමුවැනි දින නිකුත් වන අතර එහි වටිනාකම පැන්ස 6 ක්.
අත්‍යවශ්‍ය වැදගත් පණිවුඩ හුවමාරු කර ගැනීම වේගවත් කරමින්, තැපෑල ආරම්භ කෙරුණ ද මේ වන විට තැපැල් සේවය ක්‍රියාත්මක වන්නේ අර්බුධ රැසක් මධ්‍යයේය.
කෙසේ වෙතත් තැපැල් සේවය ඩිජිටල් කරමින්, ශක්තිමත් කිරිම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති නීතිඥ ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා ප්‍රකාශ කරන ලදි.