.webp)
COLOMBO (News 1st) - හුංගම , වාඩිගල රන්න ප්රදේශයේ නිවසක සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබේ.
මුහුණු ආවරණය කර ගත් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (07) අලුයම නිවසට ඇතුළුවී ඝාතන සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිදිරි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්.
ඔවුන් අදාළ නිවසේ තාවකාලිකව පදිංචිව සිට ඇති නමුත් විවාහ වී නොමැති බව පොලීසය සඳහන් කරයි.
හුංගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.