මේ වසර අවසන් වීමට පෙර පුනරුත්තාපන මධ්‍යස්ථාන 3ක්

පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම්- අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය

by Staff writer 07-10-2025 | 10:19 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා නව මධ්‍යස්ථාන තුනක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කලේ මාතර කුරුණෑගල හා මඩකලපුව ප්‍රදේශවල එම පුනරුත්තාපන මධ්‍යස්ථාන ඉදිකරන බවය.

එම පුනරුත්තාපන මධ්‍යස්ථාන වල පුද්ගලයින් 120 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා දීමේ හැකියාව පවතී.

මේ අතර මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ අවුරුදු 21 ට අඩු දරුවන් සදහා  පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එය ලබන වසරේ පළමු මාසය වන විට ආරම්භ කිරීමට නියමිතය.