.webp)
COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ 8වැනි තරගය අද පැවැත්වේ.
ඒ , එංගලන්ත සහ බංග්ලාදේශ කණ්ඩායම් අතරයි.
කණ්ඩායම් දෙකම තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ජය ගෙන අද තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන්.
නිගාර් සුල්තානා බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර එංගලන්ත කණ්ඩායම මෙහෙයවන්නේ නැට් සිවර් බ්‍රන්ට්.
බංග්ලාදේශ සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් මින් පෙර එක්දින ක්‍රිකට් පිටියේදී මුන ගැසී තිබෙන්නේ එක් අවස්ථාවක් පමණයි.
ඒ 2022 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී.
එම තරගය ලකුණු 100කින් ජයගෙන තිබෙන්නේ එංගලන්ත කාන්තා කණ්ඩායමයි.
ඉන්දියාවේ ගුවහාටිහිදි පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සියලු තරග සජීව ලෙස නැරඹිය හැකියි.