විමල් වීරවංශ අද කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට

හිටපු ඇමති විමල් වීරවංශ අද (06) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවයි..

by Staff writer 06-10-2025 | 7:27 AM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබේ.

බෙලිඅත්තේ සනා නැමැති  පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද පෙරවරු 10.00ට වීවරංශ මහතාව එලෙස කැඳවා ඇති බව පොලීසිය පැවසුවේ ය.

තංගල්ලේදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාල යාත්‍රාව සමග අත් අඩංගුවට ගත් බෙලිඅත්තා සනා නැමැත්තාගෙන් මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.