.webp)
පෝදා වැඩසටහන ආරම්භ කෙරුණේ, සම්බුද්ධ පූජාවෙන්.
අනතුරුව, සිරස දම්සර වැඩසටහන පැවැත්වුණා.
ඒ, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති පූජ්‍ය වැලිවිට ශ්‍රී ධම්මරක්කිත සෝරත හිමියන්ගේ වැඩමවීමෙන්.
රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක කූරගල රජ මහා විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ වැඩමවීමෙන්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදු කෙරෙන සන්නස කතිකාව පැවැත්වුණා.
අනතුරුව පැවැත්වුණේ, සිරස එෆ් එම් - සිරස TV සමගාමී විකාශයක් ලෙස සිදු කෙරෙන සනරාමර සෙවණ වැඩසටහනයි.
පූජ්‍ය හසලක සීලවිමල හිමියන්ගේ වැඩමවීමෙන් එම වැඩසටහන පැවැත්වුණා.
දහවල් සම්බුද්ධ පූජාවෙන් අනතුරුව පැවැත්වුණේ, පොඩි සාදුගෙන් අහන්න වැඩසටහනයි.
මෙවර යොවුන් යාත්‍රා වැඩසටහන පැවැත්වුණේ, පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ වැඩමවීමෙන්.
තරුණ තරුණියන් වෙනුවෙන් සැකසුණු තුරුණු සිත දහම් කතිකාව, සත් පියුම, අපේ පන්සල ආදී වැඩසටහන් රැසක් අද පස්වරුවේ පැවැත්වුණා.
මේ අතර, වප් පුර පසළොස්වක පොහෝ දිනයේ ගම්මැද්ද දම් සවිය පෝදා වැඩසටහන අද පැවැත්වුණේ, අරලගංවිල සිළුමිණි මහා සෑ පුදබිම කේන්ද්‍ර කරගෙනයි.
කැපිටල් මහරාජා සමූහයේ මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිට ශාක්‍ය මාලකයේ දහවල් සම්බුද්ධ පූජා පිංකම අද පෙරවරුවේ සිදු කෙරුණා.
මෙවර ඊට බැතිබර දායකත්වය ලබාදුන්නේ, සිරස FM නාලිකාවයි.
වප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දෙපානම විකාශන මධ්‍යස්ථානයේ ද සම්බුද්ධ පූජාවක් සහ ධර්ම දේශනාවක් පැවැත්වුණා..
ඒ, පොල්වත්ත සද්ධර්මාරාම විහාරාධිකාරී සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙණේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය අවිත්තාවේ යතිරතන හිමියන්ගේ වැඩමවීමෙන්.