.webp)
COLOMBO (News 1st) - අද දිනයේ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා දන්වා තිබේ.
විමල් වීරවංශ මහතා ඉල්ලා ඇත්තේ, ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව වීරවංශ මහතාට ලබන ඉරිදා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන්නැයි දන්වා තිබේ.
බෙලිඅත්තේ සනා නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද පෙරවරු 10.00ට වීවරංශ මහතාව එලෙස කැඳවා තිබුණි.
තංගල්ලේදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාල යාත්‍රාව සමග අත් අඩංගුවට ගත් බෙලිඅත්තා සනා නැමැත්තාගෙන් මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.