.webp)
COLOMBO (News 1st) - උතුර ,උතුරු මැද, නැගෙනහිර ඌව සහ වයඹ පළාත් වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර දිස්ත්‍රික්ක 5 කට නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කරන ලදි.
පස් කඳු හා ගල් කඩා වැටීම හේතුවෙන් පස්සර බිබිල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයෙන් රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.ඒ.එල්. උදයකුමාර මහතා පැවසුවේ ය.