රැකියා සඳහා විදෙස්ගත වන අයගේ සත්‍යාපන ගාස්තු ඉවතට

රැකියා සඳහා විදෙස් ගතවන පුද්ගලයින්ට අවස්ථා තුනකදී ගෙවීමට සිදුවන සත්‍යාපන ගාස්තු ඉවතට.

by Staff writer 05-10-2025 | 8:34 AM

COLOMBO (News 1st) - රැකියා සඳහා විදෙස්ගත වන පුද්ගලයින්ට අවස්ථා තුනකදී ගෙවීමට සිදු වන සත්‍යාපන ගාස්තු ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ශ්‍රමිකයින්ට සහන සැළසීමේ අරමුණින් එම පියවර ගත් බවයි.