.webp)
පොලීසිය සදහන් කළේ, ලොරියක්, රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව ලංගම බස් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් ලොරියේ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු මියගොස් තිබේ.
ඔවුන්, අවුරුදු 41, 80 සහ 82 යන වයස්වල පසුවන පොළොන්නරුවේ පදිංචිකරුවන් ය.
ලොරියේ ගමන් කළ කාන්තාවක් සහ අවුරුදු 16 සහ 9 යන වයස්වල පසුවන දැරියන් දෙදෙනෙකු අනතුරින් තුවාල ලබා තිබේ.
ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන බව, පොලීසිය සදහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.