කතරගමදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කතරගමදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 05-10-2025 | 5:27 PM

COLOMBO (News 1st) - කතරගම ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායට ලද තොරතුරක් අනුවය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන පුද්ගලයෙකු බවත් පොලීසිය පවසන ලදි.

අත්අඩංගුවට ගත් ගිනි අවිය අපරාධ සදහා යොදාගෙන ඇත්ද යන්න සොයාබැලීම සදහා විමර්ෂණ ක්‍රියාත්මකයි.