ඇල්පිටියේ නිවසකට වෙඩි...

ඇල්පිටියේ නිවසකට වෙඩි...

by Staff writer 05-10-2025 | 9:07 AM

COLOMBO (News 1st) - ඇල්පිටිය ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ(04) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු නිවසේ ජනේලයකට වෙඩි තබා පළාගොස් ඇති බවයි.

ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.

වෙඩි තැබීමට හේතුව, මෙතෙක් අනාවරණය වී නැතැයි පොලීසිය සදහන් කළේ ය.