මිද්දෙණියේ සඟවා තිබූ පිස්තෝලයක් හසුවෙයි

බැකෝ සමන්ගේ මස්සිනාගෙන් ලද තොරතුරු මත මිද්දෙණියේ සඟවා තිබූ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සොයා ගැනේ.

by Staff writer 04-10-2025 | 7:58 PM

COLOMBO (News 1st) -  රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඝාතන මෙහෙයවූ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, බැකෝ සමන් නමැත්තාගේ නැගණියගේ ස්වාමි පුරුෂයායි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

පොලීසිය පැවසුවේ, දින 7 ක රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බවයි.

කවීෂ නමැති සැකකරු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයාගත් බව, පොලීසිය ප්‍රකාශ කළේ ය.

පොලීසිය පැවසුවේ, සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී මිද්දෙණිය ප්‍රදේශයේ සඟවා තිබූ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි.