දිවයිනේ ප්‍රදේශ රැසකට 100mm ඉක්මවූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට 100mm ඉක්මවූ තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 04-10-2025 | 10:26 AM

COLOMBO (News 1st) - තුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, තද වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.

ගිගුරුම් සහිත වැසි සමග එම මුහුදු ප්‍රදේශවල තද සුළංද ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ  ඉතා රළු වනු ඇත.