පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය බෙදා හැරි බව කියන පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

by Staff writer 01-10-2025 | 9:30 AM

COLOMBO (News 1st) -  ඩුබායිහී සැඟව සිටින රසල් ස්මිත් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය බෙදා හැරි බව කියන පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින්.

පොලීසිය සඳහන් කළේ ඔහු දැනට උඩප්පුව පොලීසියට අනුයුක්තව සේවය කරන බවය.

හෙරොයින් ග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගත්  සැකකරු වසර පහක පමණ කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවක කර ඇති බව පොලිසිය පවසන ලදි.

සැකකරුගෙන් ලද තොරතුරු මත පෑලියගොඩ ප්‍රෙද්ශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත චතූ නැමති සැකකරුවෙකුද හෙරෝයින් ග්‍රෑම් 110 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.