අධික සුළං සහ වැසි සහිත කාලගුණය තවදුරටත්

අධික සුළං සහ වැසි සහිත කාලගුණය තවදුරටත් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 30-09-2025 | 8:52 AM

COLOMBO (News 1st) -  මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ  හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා  දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර්  දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යා හැකි බවයි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ  හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා  දක්වා  වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවන බවත් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.