.webp)
එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සඳහන් කළේ, පකිස්තානය පරාජය කරමින් ආසියානු කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමට සුබ පැතුම් එක් කරමින් ය.
ක්‍රිකට් පිටියේ ද, සින්දූර් මෙහෙයුමක් දිස්වූ බව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඊයේ පැවති උද්වේගකර අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම ශූරතාව දිනා ගත්තේ කඩුලු 5 ක ජයක් සමගින් ය.
කෙසේ නමුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන මොහ්සින් නක්විගෙ අතින් කුසලානය ලබා ගැනීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කළේ ය.
ඒ අනුව ඔවුන් ජයග්‍රහණය සැමරුවේ කුසලානයක් නොමැතිවයි.
සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වූ මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සියළු තරග සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාළිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ නැරඹීමට අප අවස්ථාව උදා කළේ ය.