මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප

මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප

by Staff writer 29-09-2025 | 8:33 PM

COLOMBO(News1st) - අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත මුදාහැර ති‌බේ.

ඒ ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට අධිකරණය එහිදී නියෝග කළේ ය.

කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර, කොටුව පොලීසියේ නිලධාරියෙකුට බැණ වැදීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාව අද කොටුව පොලීසියට කැඳවනු ලැබීය.

ඒ අනුව  පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධි බලහත්කාරය යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.