පළාත් පාලන මැතිවරණයේ නිලධාරීන්ට දැනුම් දීමක්

2023 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු කපා හැරීමකින් තොරව වැටුප් ගෙවීමේ තීරණයක් - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

by Staff writer 28-09-2025 | 10:12 AM

COLOMBO (News1st) - 2023 මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවයේ නියුතු අපේක්ෂකයින්ට සහන සළසමින්, විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් අලෝක බණ්ඩාර මහතාගේ අත්සනින්.

ඒ අනූව අදාළ ඡන්ද විමසීමට ඉදිරිපත් වීමට නිවාඩු ලබාගත් කාලය සදහා රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු වලින් හිලව් කරගැනීමකින් තොරව මූලික වැටුප පමණක් ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනූව 2023 මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීමට රාජ්‍ය නිලධාරීන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර කිසිවිටෙකත් ඉදිරිපත් නොකළා සේ සළකා කටයුතු කරනු ඇති.

ඒ අනූව අදාළ නාම යෝජනා වලංගු හෝ බලාත්මක වන්නේ නොමැත.

පසුගිය 25 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය දුන් අනුමැතියකට අනූව එම තීරණ ගෙන තිබේ.