.webp)
ඌව පළාතේත්, අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2 න් පමණ පසු, ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලත්, උතුර, උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත් වල මෙන්ම ත්‍රිකුණාමලය මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්ක වල සුළං වේගය, පැයට කිලෝමීටර 40 ත් 50 ත් දක්වා ඉහළ යා හැකි ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, තද සුළං වලින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙසයි.
දිස්ත්‍රික්ක 09කට නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක වේ.
එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය සහ රත්නපුරයි.