ජනපති අනුර සහ අමෙරිකා ජනපති අතර සුවිශේෂී හමුවක්

ජනපති අනුර සහ අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවූ සුවිශේෂී හමුව.

by Staff writer 27-09-2025 | 11:51 AM

COLOMBO (News 1st) -  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය 23 වැනිදා පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා සහ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමු වී තිබෙන අතර ඔවුන් දෙදෙනා සුහද කථා බහකද නිරත වී තිබෙනවා.