සීනිමෝදර අයිස් සිද්ධියට 04ක් රඳවා තබා ප්‍රශ්න කෙරේ

තංගල්ල සීනිමෝදර මත්ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 04 දෙනෙකු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර.

by Staff writer 25-09-2025 | 11:48 AM

COLOMBO (News 1st) - තංගල්ල , සීනිමෝදර නිවසක තිබී මළ සිරුරු තුනක් සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 04 දෙනෙකු  දින 7ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් තංගල්ල මහේස්ත්‍රාත් ශාමිලා බුටාවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබා ගත් බවයි.

පොලීසියට ලැබුණු තොරතුරක් මත සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබි අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගත්තේ පසුගිය 22 වැනිදායි.

අසනීප තත්වයේ සිටි තවත් පුද්ගලයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය.

අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් ශරීරගත වීමෙන් මෙම පුද්ගලයින් මිය ගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේදි හෙළි විය.

පසුව පොලීසිය වැඩිදුර සෝදිසි මෙහෙයුම් කල අතර ලොරි තුනක තිබී රුපියල් මිලියන දසදහසකට ආසන්න අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 700 කට අධික තොගයක් ද සොයා ගෙන තිබේ.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6 කි.

ඒ අතර රෝහලේ දී මිය ගිය පුද්ගලයාගේ පුත්‍රයින් දෙදෙනා, මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් තුන්දෙනා සහ එක් ලොරියක රියැදුරෙකු ද ඇතුළත් වේ.