.webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ ඇමරිකානු ඩොලර් මිලියන 250 ක මූලික ගෙවීම සිදු නොකරන බව, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, හිටපු ක්‍රියාකාරී එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම නිවේදනය කර තිබේ.
එක්ස්ප්‍රස් ෆීඩර්ස් හි ප්‍රධාන විධායක නිලධායා සඳහන් කර ඇත්තේ මෙම තීන්දුවට අදාළ ඕනෑම ගෙවීමක්, අනාගතයේදී සමුද්‍රීය සිදුවීම් විසඳන ආකාරය සඳහා භයානක පූර්වාදර්ශයක් විය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලියට ගරු කරන නමුත්, වන්දි සනාථ කිරීම, සමානුපාතිකව සහ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල වීමේ අවශ්‍යතාවය අවධාරණය කරන බවද සමාගම් නිවේදනයේ දැක්වේ.
මේ දක්වා, ශ්‍රී ලංකා රජය සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කර ඇති බවත්, සුන්බුන් ඉවත් කිරීම, පාරිසරික ප්‍රතිසංස්කරණ සහ වන්දි හිමිකම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 170 කට වඩා දැනටමත් ගෙවා ඇති බවද එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් සිදුව ඇති ප්‍රමාදයන් උපුටා දක්වමින් සමාගම සඳහන් කර ඇත්තේ, වන්දි ගෙවීම්, තවමත්, බලපෑමට ලක්වූ බොහෝ ප්‍රජාවන් වෙත ළඟා වී නොමැති බවයි.
සාක්ෂි මත පදනම් වූ, සාධාරණ සහ ජාත්‍යන්තර සමුද්‍රීය භාවිතයන්ට අනුකූල ප්‍රතිඵලයක් අපේක්ෂා කරමින්, ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සෘජු සංවාදයකට විවෘත බවද එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම සඳහන් කර තිබේ.
මෙරට මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිදු වූ සමුද්‍රීය පරිසර හා ආර්ථික හානිය වෙනුවෙන් ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන්නැයි, එම නෞකා සමාගමට පසුගිය ජූලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කළේය.