.webp)
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ලබන බදාදා අමෙරිකානු වේලාවෙන් පස්වරු 3.15 ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බවයි.
එම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිත ය.
ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට සංචාරයේදී සහභාගී වනු ඇති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එක්වන බව සඳහන් ය.