EPF සම්බන්ධ ජනතා ගැටලු විසඳීමට අද සිට විශේෂ සතියක්

EPF සම්බන්ධ ජනතා ගැටලු විසඳීමට අද සිට විශේෂ සතියක් ඇරඹෙයි..

by Staff writer 22-09-2025 | 8:52 AM

COLOMBO (News1st) - සේවක අර්ථසාධක අරමුදල හෙවත් EPF සම්බන්ධයෙන් ජනතාවට පවතින ගැටලු විසඳීම සඳහා අද සිට විශේෂ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය පැවසුවේ , නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කම්කරු කාර්යාලයට හා රටපුරා පවතින සෑම දිස්ත්‍රික් කම්කරු කාර්යාලයකින්ම මෙම සේවා ලබාගත හැකි බවයි.