විදුලිබලය සැපයීම ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

විදුලිබල සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 22-09-2025 | 7:08 AM

COLOMBO(News1st) -
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැවරී ඇති බලතල අනුවයි.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබේ.