පාකිස්ථානයට එරෙහිව ඉන්දියාවට කඩුලු 6ක ජයක්

පාකිස්ථානයට එරෙහිව ඉන්දියාවට කඩුලු 6ක ජයක්

by Staff writer 22-09-2025 | 7:17 AM

COLOMBO(News1st) -2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ පකිස්ථානය සමග පැවති තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 6කින් ජය ගත්තේ ය.

ඩුබායි තණතිල්ලේ කාසිය වාසිය දිනු ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

මෙම තරගයේදී ද කණ්ඩායම් දෙකේ නායකයින් අතට අත දීමක් සිදු වුයේ නැහැ.

පකිස්ථාන ඉනිම ආරම්භ කළේ සහීබ්සාඩා ෆර්හාන් සහ ෆකර් සමාන්.

ඔවුන් දෙදෙනාගේ ආරම්භක කඩුල්ලේ සබදතාව  ලකුණු 21කට සීමා විය.

ෆකර් සමාන් ලකුණු 15යි.

ඉන් අනතුරුව සහීබ්සාඩා ෆර්හාන් සහ සයීම් අයුබ් දෙවැනි කඩුල්ලට පන්දු 49කින් ලකුණු 72ක විශිෂ්ඨ සබදතාවක් ගොඩනැගුවේ ය.

සහීබ්සාඩා ෆර්හාන් පන්දු 45කින් ලකුණු 58යි.

එම ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් ය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 171කි.

ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කළේ අභිෂේක් ශර්මා සමගින් ශුබ්මන් ගිල්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 105කි.

ශුබ්මන් ගිල් ලකුණු 47කට දැවී ගියේ ය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අභිශේක් ෂර්මා ලකුණු 74ක් රැස් කළේ පන්දු 39කට මුහුණ දෙමින් ය.

ඊට 4 පහර 6ක් සහ 6 පහර 5ක් ඇතුළත් ය.

ලකුණු 172ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව තරගය ජයගත්තේ පන්දුවාර 18යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් දැවී සිටියදී ය.

2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ටීවී වන් නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.