මුදල් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනයක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනයක් - නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක

by Staff writer 21-09-2025 | 8:26 AM

COLOMBO(News1st) - මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 8000 කට වැඩි ප්‍රමාණයක් අවභාවිතා වී ඇති බවට අනාවරණය වී තිබේ.

බුද්ධ සාශන සහ ආගමික කටයුතු නියොජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසුවේ, ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ කමිටුව, එම තොරතුරු අනාවරණය කර බවයි.

ඒ අනුව එම කමිටුවේ අවසන් වාර්තාවෙන් අනතුරුව මහජන මුදල් එලෙස  අවභාවිතා කළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.