ශ්‍රී ලංකාව-බංග්ලාදේශය අද ආසියානු කුසලාන තරග බිමට

ශ්‍රී ලංකාව - බංග්ලාදේශය අද (20) ආසියානු කුසලානයේ තරග බිමට

by Staff writer 20-09-2025 | 9:07 AM

COLOMBO (News 1st) - 2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වේ.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සමඟයි.

තරගාවලියේ බී කාණ්ඩයෙන් සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයයි.

ඩුබායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර තරගාවලියේ ඕමානය සමග පැවති මූලික වටයේ අවසන් තරගය ඉන්දියාව ලකුණු 21කින් ජයගත්තේ ය.

අබුඩාබිහිදී ඊයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී  කඩුලු 8ක් දැවී රැස් කළ  ලකුණු සංඛ්‍යාව 188ක්.

සංජු සැම්සන් ලකුණු 56ක් රැස් කළේ ය.

ලකුණු 189ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕමාන කණ්ඩායමට පන්දුවාර 20තුළ කඩුලු 4ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 167ක් පමණි.

අමීර් කලීම් ලකුණු 64ක් රැස් කරන ලදි.

2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ටීවී වන් නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.