පිටකොටුව පළවෙනි හරස්වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

කොළඹ පිටකොටුව පළවෙනි හරස්වීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

by Staff writer 20-09-2025 | 6:26 PM

COLOMBO(News1st) - කොළඹ පිටකොටුව පළවෙනි හරස්වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගින්න පාලනය සඳහා කොළඹ ගිනි නීවිමේ ඒකකය , නාවික සහ ගුවන් හමුදා ගිනි නීවිම් ඒකකවල නිළධාරින් මේ වන විට දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් සිටින බවයි.

ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ද මේ වන විට ගින්න පාලනය සඳහා යොමු කර තිබේ.

අද(20) පස්වරුවේ මෙම ගින්න හටගත්තේ විදුලි උපකරණ අළෙවිසැලක සිව්වන මහලේයි