දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

දුනිත්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 19-09-2025 | 3:11 PM

COLOMBO (News 1st) -ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ මහතාගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා ඊයේ අභාවප්‍රාප්ත වෙයි.

ඔහුගේ වයස අවුරුදු 54කි.

මොරටුවේ පදිංචි වෙල්ලාලගේ මහතා සිය නිවසේ සිට ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරගය නරඹමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් රෝගාතුර වී තිබුණි.

ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී ය.

දුනිත් වෙල්ලාලගේ ඒ වන විට අබුඩාබිහිදී පැවති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරගයට සහභාගී වෙමින් සිටියේ ය.

තරගයෙන් අනතුරුව කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සහ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා මෙම කණගාටුදායක සිදුවීම පිළිබඳව දුනිත් වෙල්ලාලගේට දැනුම් දුන්නේ ය.

දුනිත් වෙල්ලාලගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේ ය.

සුරංග වෙල්ලාලගේ මහතාගේ හදිසි අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සහ දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින් දැඩි ශෝකය පළ කර තිබේ.