.webp)
COLOMBO (News 1st) - මෙරට ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා යළි මූල්‍ය ආධාර ලබා දීමට දකුණු කොරියාවේ "සෙමාඋල්" රාජ්‍ය සංවිධානය එකඟතාව පල කර තිබේ.
ඊට එකගතාව පළ කර ඇත්තේ රටවල් 46ක රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ මේ දිනවල පැවැත්වෙන "සෙමාඋල්" සමුළුවේදීයී.
මෙරට නියෝජනය කරමින් ඊට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා හා අමාත්‍යංශ ලේකම් එස් ආලෝකබණ්ඩාර මහතා සහභාගි වී සිටි.
අමාත්‍යවරයා පැවසුවේ එක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අදාළ සංවිධානය ඇමරිකානු ඩොලර් ලක්ෂයක අවම මුදලක් ප්රදානය කිරීමට තීරණය කර ඇති බවයි.