අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ්..

හිටපු සබරගමුව පළාත් සභා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ්..

by Staff writer 18-09-2025 | 4:48 PM

COLOMBO (News 1st) -

හිටපු සබරගමුව පළාත් සභා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ලබන මස 02 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධානාගාරගත කෙරිණ.

ඒ, ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ එම් පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

2016 -2017 වර්ෂවලදී මාර්ග ව්‍යාපෘති කිහිපයකින් රුපියල් කෝටි 7කට අධික මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ලැබුවේ ය.