.webp)
COLOMBO (News 1st) - ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයෙකු වන තුසිත හල්ඔලුව ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ළහිරු සිල්වා මහතා අද (18) නියෝග කළේ ය.
ඒ අනුව සැකකරු මුදා හැරුණේ , රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කරමින්, විදේශ ගමන් බලපත්ර අධිකරණයට භාර දෙන ලෙසට ද මහේස්ත්රාත්වරයා නියෝග කළේ ය.
තුසිත හල්ඔලුව මහතා පසුගිය අගෝස්තු මස 19 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමක දී කොල්ලුපිටිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගැණින.
ඒ , පසුගිය මැයි 17 වැනිදා නාරාහේන්පිට ප්රදේශයේදී ඔහු ගමන්ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළවයි.