කටුනායක ගුවන්තොටුපළ මගීන්ට විශේෂ දැනුම්දීමක්

කටුනායක ගුවන්තොටුපළ භාවිත කරන ගුවන් මගීන්ට සහ අමුත්තන්ට විශේෂ දැනුම්දීමක්...

by Staff writer 18-09-2025 | 8:26 AM

COLOMBO (News 1st) - කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරන ගුවන් මගීන්ට සහ අමුත්තන්ට ගුවන්තොටුපළ විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) කාර්ය බහුල වේලාවන්හිදී ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීමට, අමුත්තන් සඳහා පිටත්වීමේ පර්යන්ත ආලින්දයට ඇතුළුවීම පිළිබඳව පෙර දැනුම් දී තිබූ සීමා කිරීම පහත පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණක් රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ අමුත්තන් සඳහා පිටත්වීමේ පර්යන්ත ආලින්දයට ඇතුළුවීම නවතා ඇත.

නව සංශෝධනය අනුව සිකුරාදා දිනට මෙම සීමා කිරීම අදාළ නොවේ.

සියලුම ගුවන් මගීන් සහ ගුවන්තොටුපළ භාවිත කරන්නන්ගේ පහසුව සඳහා මෙම පියවර ක්‍රියාත්මක කරන අතර, මේ සඳහා මගීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විසින් දැනුම් දෙනු ලැබේ.