.webp)
COLOMBO (News 1st) - 2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තීරණාත්මක තරගයක් අද (18)පැවැත්වේ.
ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගයි.
අබුඩාබිහීදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර තරගාවලියේ එක්සත් අරාබි එමිර් කණ්ඩායම සමග පැවති තරගය පාකිස්ථාන කණ්ඩායම ලකුණු 41කින් ජය ගත්තේ ය.
ඩුබායිහීදී පැවති මෙම තරගය ආරම්භ කිරීම පැයකින් ප්‍රමාද වුණේ, පාකිස්ථාන කණ්ඩායම නියමිත වේලාවට ක්‍රීඩාංගනයට නොපැමිණීම හේතුවෙනි.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එම ඉන්දියාව සහ පාකිස්ථානය අතර මීට පෙර පැවති තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ඇන්ඩි පයික්‍රොෆ්ට් කාසියේ වාසිය උරඟා බලන අවස්ථාවේදී නායකයින් දෙදෙනාට අත නොදෙන ලෙසත්, එය ඉන්දීය රජයට අවශ්‍ය නොවන බවත් ප්‍රකාශ කළ බවයි.
ඒ හේතුවෙන් අදාළ තීරකවරයා තරගාවලියෙන් ඉවත් කරන ලෙස පාකිස්ථාන ක්‍රිකට් ආයතනය, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ ය.
කෙසේ නමුත් ක්‍රීඩාංගනයට පැමිණීම ප්‍රමාද වූ පාකිස්ථාන ක්‍රීඩකයින්ගෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සිදු කළ ඉල්ලීමකින් අනතුරුව ඔවුන් ක්‍රීඩාංගනයට පැමිණි බව වාර්තා වේ.
ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 146ක්.
ලකුණු 147ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමිර් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 4ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 105ක් පමණයි.
2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.