20/20කුසලානයේ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තරගය අද

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තීරණාත්මක තරගය අද

by Staff writer 18-09-2025 | 10:55 AM

2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තීරණාත්මක තරගයක් අද (18) පැවැත්වේ.

ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟයි.

අබුඩාබිහිදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර තරගාවලියේ එක්සත් අරාබි එමිර් කණ්ඩායම සමග පැවති තරගය පකිස්ථාන කණ්ඩායම ලකුණු 41කින් ජය ගත්හ.

2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ටීවී වන් නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.