.webp)
COLOMBO (News 1st) - ජාත්‍යන්තර ඕසොන් දිනය අදට යෙදි තිබේ.
මෙවර තේමාව වන්නේ විද්‍යාවේ සිට ගෝලීය ක්‍රියාකාරිත්වය කරා යන්නයි.
ඔසෝන් වියන හිරුගේ අහිතකර පාරජම්බෝල කිරණවලින් පෘතුවිය ආරක්ෂා කර ගැනිම සදහා තැණුනු ස්වභාවික ආවරණයක්.
ඕසොන් ස්ථරය ආරක්ෂා කර ගැනිම සදහා වන වියානා සම්මුතියට වසර 40 ක් පිරිම නිමිත්තෙන් එම සැමරුම සිදු කෙරෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා සදහන් කළේ ය.
1994 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සෑම වසරකම සැප්තැම්බර් 16 වැනිදා ඔසොන් ස්ථරය සංරක්ෂණය කිරිමේ දිනය ලෙසට නම් කර තිබේ.
ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගැනිම සදහා පිහිටුවා ගත් මොන්ට්‍රියල් සංධානය ලොව සාර්ථකම බහු පාර්ශවීය සංන්ධානය ලෙසට සැලකෙයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ඕසෝන් ස්ථරයට හානි කරන රසායනික ද්‍රව්‍ය පාරිභෝජනය අවම කිරිමට සහ තුරන් කිරිමට පියවර ගෙන ඇති බවය.
ඒ සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය ලැබී තිබිම විශේෂත්වයකි.