.webp)
මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කෙරෙන්නේ වසර 60 කට පසුවයි.
ගුවන් හමුදාව විසින් සිදුකෙරෙන එහි නවීකරණ සහ ඉදිකිරීම් කටයුතු සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 425කි.
මාස 8 ක කාලයක් එහි නවීකරණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා සඳහන් කළේ ය.
නවීකරණ ව්‍යාපෘතිය හේතුවෙන් ඒකාබද්ධ කාලසටහන් හැර සෙසු ලංගම සේවා බෝධිරාජ මාවතේ අඩි 100 පාරේ සිට තාවකාලිකව ක්‍රියාත්මක කෙරෙයි.
ඒකාබද්ධ කාලසටහන යටතේ බස් රථ ධාවනය කෙරෙන්නේ බැස්ටියන් මාවතේ පුද්ගලික බස්නැවතුම්පලේ සිටයි.
නවීකරණ ව්‍යාපෘතිය ලබන වසරේ නිම කිරීමට නියමිත වෙයි.