වැටුප් ඉහළ නැංවීමට වතු හිමියන්ට මාසයක කාලයක්

වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීමට, වතු හිමියන්ට මාසයක කාලයක් - කම්කරු නියෝජ්‍ය ඇමති

by Staff writer 14-09-2025 | 8:43 AM

COLOMBO (News 1st) - වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීම පිළිබඳ ස්ථාවරය දැනුම් දීමට වතු හිමියන්ට මාසයක කාලයක් ලබාදී තිබේ.

මේ වන විට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප, 1350 කි.

එය, රුපියල් 1700 ක් දක්වා වැඩි කළ යුතු බවට වතු හිමියන්ට යෝජනා කර ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ය.