කෝටි අටක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී කොටු..

රුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක දී අත්අඩංගුවට

by Staff writer 14-09-2025 | 8:31 AM

COLOMBO (News 1st) - රුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේදීයී.

ඔහු, ඊයේ(13) උදෑසන 09.45 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබේ.

පසුව ඔහු ගුවන්තොටුපලේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිට ඇත්තේ, යළි ඉන්දියාවේ මදුරෙයි බලා යාමටයි.

එහිදී ඔහුගේ ගමන් මල්ලේ සැක සහිත යමක් ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සදහන් කළේ ය.

ඒ සමගම රැන්ඩි නමැති පොලිස් නිල සුනඛයා යොදා ගනිමින් කළ පරික්ෂාවකදී ඔහුගේ ගමන් මල්ලේ තිබී මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

එහි තිබූ කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණය, කිලෝග්රෑම් 8 යි ග්රෑම් 542 කි.

චෙන්නායි නුවර පදිංචි 33 හැවිරිදි සැකකාර ඉන්දීය ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.