ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා

වියළි කාලගුණයත් සමග වැලිගම මිදිගම ඇතුළු ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා - ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය

by Staff writer 12-09-2025 | 8:26 AM

COLOMBO (News 1st) - වියලි කාලගුණයත් සමග ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, වජිරා තිරාණගම මහත්මිය සඳහන් කළේ, පොල්අතු මෝදර ගඟට කරදිය මුසුවීම හේතුවෙන් කනංකේ ප්‍රදේශයෙන් ජලය ලබා ගැනීමේදී ගැටලු මතුව ඇති බවයි.

මේ හේතුවෙන් වැලිගම මිදිගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුව තිබේ.

කරදිය මුසුවීම වැලැක්වීම සඳහා  එම ප්‍රදේශයේ තාවකාලික ලවන බාධකයක් ඉදිකිරීම ආරම්භ කර තිබේ.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරිය පැවසුවේ, කැලණි ගඟට කරදිය මුසුවීම වැලැක්වීම සඳහා තාවකාලික ලවන බාධකයක් ඉදිකර ඇති බවයි.

පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වජිරා තිරාණගම මහත්මිය  ජනතාවගෙන් ඉල්ලා සිටියි.