පළාත් සභාවල විවිධ තනතුරු පුරප්පාඩු 61,000ක්

පළාත් සභාවල විවිධ තනතුරු පුරප්පාඩු 61,000ක් බඳවා ගැනීම කඩිනමින් - රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

by Staff writer 12-09-2025 | 8:23 AM

COLOMBO (News 1st) - පළාත් සභාවල විවිධ තනතුරු පුරප්පාඩු 61835 ක් පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින්නේ බස්නාහිර පළාත් සභාවේයී.

එම සංඛ්‍යාව 16651 කි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා බඳවා ගැනීම් සිදු කරන බවයි.

දිප ව්‍යාප්ත සේවා සඳහා උපාධිධාරීන් දහසක් බඳවා ගෙන ඇති බවත් තවත් දහසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, උපාධිධාරීන් 35000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර ඇති බවයි.